Sunday, June 3, 2018

සජිවිකරණයේ ආගමනය

ශ‍්‍රී ලංකාවේ දැනට වෘත්තීය පරිගණක සජීවීකරණ ශිල්පීන් විශාල සංක්‍යාවක්  විසිරි පැතිරී ඇත. වාසනාවට ගණිතමය ක‍්‍රියාකාරකම් සදහා නිපද වූ අබකසයේ සිට සිතාගත නොහැකි මට්ටමේ අතිවිශාල පුළුල් පරාසයන් දක්වා පරිගණකයේ සේවාවන් විහිදගියේය. බොහෝවිට පරිගණකය සජිවීකරණ ක‍්‍රියාවලියේ තිබු අසීරුතාවය ජය නොගත්තේනම් අද ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව අනෙකුත් රට වලද ඉතිරිවන්නේ වෘත්තීය සජීවීකරණ ශිල්පීන් අතලොස්සකි. අප බොහෝවිට සමාජයේ දකින ත‍්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් සජීවීකරණ ඉතිහාසය පිළිබද එතරම් තැකීමක් නොකලද එම ඉතිහාසය තුල අපට ලබාගත හැකි කරුණු කරනා රාශියකි. ඉතිහාසය සැගවගත් බොහෝ සජීවීකරණ උත්සාහයන් තිබෙන්නට ඇත. ලොව කැමරාව බිහිවීමටත් ප‍්‍රථම චලන රූපය පිලිබදව මිනිසා විවිධ නිර්මාණ එලි දක්වා ඇති බව දැනට හමුවී ඇති බොහෝ නිර්මාණ සාක්ෂි දරයි. අප සියවසේ සජීවීකරණය ද්වීමාන, ත‍්‍රීමාන ලෙසද ඒවා නැරබීමට පරිගණකය, රූපවාහිනී යන්ත‍්‍රය, ජංගම දුරකථනය මෙකි නොකී ආදී බොහෝ දෑ තිබුනද චලන රූපය හැදෑරීමට, ජයගැනීමට මුල්කාලීනව රූප එකින් එක අදිමින් ඒවා චලනය කිරීමට විවිධ ප‍්‍රථමික උපකරණ නිර්මාණය කිරීමද සිදුවිය, එම ඉතිහාසයතුල භාවිතා කල ප‍්‍රධානම ක‍්‍රම කිහිපයකි, ඒ අතර

Flipbooks
• Stop motion (puppet, clay)
• Cel animation
• Chalk animation
• Silhouette animation
මුලිකත්වය ගනුලබයි. 

පැරණිතම නිර්මාණ මෙසේ Flipbooks ආකාරයේම ප්‍රාථමික අදියරක් ලෙස රූපරාමුව තුල වෙන් වෙන් වශයෙන් නිර්මාණය කර ඇත. මෙසේ ලොව මුල්ම සජීවිකරණය පිලිබදව සාධකය හමුවන්නේ වසර 5200 කට පමණ ඉහත දී නිර්මාණය කර ඇති එළුවකු දළු කෑම සදහා උඩපනින දර්ශන පෙළකි. මෙය ඉරාණයේ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ෂහ්ර් සුක්ත්තෙහ (Shahr-e Sukhteh) නම්  " ගිනිගත් නගරයලෙස පර්ශියන් බසින් ඉපැරණිව හැදින්වෙන ස්ථානයේය. බිම සිට ඉහල අත්තක් දක්වා එළුවකු උඩ පනින රූප රාමු පහකින් සමන්විතය.

වසර 4000 කට අදික පමණ ඉහතදී අදිනලද මල්ලවපොර ක්‍රියාකාරකම්වලින් සමන්විත රූප පෙළ මීලග සජීවීකරණ ඉතිහාසයේ හමුවන දෙවන පැරණිතම සාක්ෂිය ලෙස හදුන්වාදිය හැක. එය ඊජිප්තුවේ බෙනි හසන්  (Beni Hassan) නම් ඉපැරණි සුසන භුමියේ ස්ථානයේ ඛ්නුම්හොටේප්  (Khnumhotep)නම් සොහොන් ගෙයක නිර්මාණය කරන ලද්දකි.
එසේ හමුවන ඉපරනිතම සාධක හමුවට පැරණි චීන නිර්මාණයක්ද ගෙනහැර දැක්වීමට පුළුවන. මිනිස් රූප හා සත්ව රූපවලින් සමන්විත මෙය පසුකාලයේ දී භාවිතා කරන ලද zoetrope මෙහි වැඩිදියුණු කිරීමකි.

කෙසේ වෙතත් පසුකාලයේ බිහිවූ බොහෝ පුද්ගලයින් චලන රූපය අත්හදා බැලීමට බොහෝ දෑ සිදුකරන ලදී. කුඩා කුඩා චලන රූප රාමුවෙන් රූපරාමුවට නිර්මාණය කලද ඒවා එකදිගට නැරබීම ඔවුන්හට ඇතිවූ ප්‍රධානම  ගැටලූවයි. මේ සදහා උචිත පිළියම් සොයන නිර්මාණ ශිල්පීන්  "මැජික් ලන්තැරුම " නම් උපකරණය නිපදවනලදී. 1650 දී පමණ එළිදැක්වූ මෙම උපකරණය රූපරාමු එකින් එක මාරුකරමින් නැරබිය යුතුය. මෙම නිර්මාණයේ නියම උරුමක්කාරයා පිලිබදව යම් යම් ගැටළු තිබුනද 15 වන සියවසේ මේ නිර්මාණය කරලියට පැමිණියේය. මේ සදහා තිරයක් නිර්මාණය කරගත යුතුවීමද විශේෂ කරුණකි. මේ සදහා නිර්මාණය කරගතයුතු රූප රාමු ආලෝකය එහා මෙහා ගමන්කළ හැකි මාධ්යකින් නිර්මිතය.

විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකට එකවර නැරබීමට ලැබීමද මෙහි විශේෂ ඵෙයිතිහාසික සංදිස්ථානයකි. මෙහි ක්‍රියා කාරීත්වය ඉතා සරල උවද චලන රූපය අද අප දකින විශිෂ්ටත්වයට ගෙනෑමට මෙම නිර්මාණයෙන් විශාල සේවාවක් සලසන ලදී.
මී ලගට චලන රූප ඉතිහාසයේ පෙරලියක් ඇතිකළ උපකරණයක් නම් දී 19 වන සියවසේ වඩාත් ජනප්‍රිය වූ Thaumatrope නම් උපකරණයයි. 1824 දී සර් ජෝන් හර්ෂල් විසින් නිර්මාණය කරන ලද මෙය කුඩා රවුම් හැඩයක් දෙපසින් ලනු දෙකක් ආධාරයෙන් රදවාගෙන රවුම කරකවීමේදී රවුමේ දෙපස ඇති රූප දෙක සම්බන්ධ වී එක රූපයක් ලෙස පෙන්වීම මෙමගින් සිදුවන සරලම කාරණයයි.  අනුව වදුරකු හා කූවුවක් රවුමේ මුහුණත් දෙකෙහි වෙන් වෙන්ව නිර්මාණය කර උපකරණය ක්‍රියාත්මක කිරීමේ දී වදුරා එම කූවුවේ සිටිනු නැරබිය හැක.

රූපරාමු වෙන් වෙන්ව නරබා ඒවා උපකරණ යොදා චලනය කිරීමට උත්සහගත් ඉතිහාසය මීලගට ලෙස රූපරාමු පෙළක් චලනය කිරීමට පෙනකිස්ටෝකොප් (phenakistoscope) නම් උපකරණය නිපදවයි. මේ සදහා 1831 දී බෙල්ජියන් ජාතික ජෝසප් ප්ලටෙව් හා ඔස්ට්‍රියන් ජාතික සීමන් වොන් ස්ටම්පර් නම් දෙදෙනා නිර්මාණ දායකත්වය ලබාදී ඇත.
රවුමක් වටා පිළිවෙලට චලනයේ රූප රාමු ඇද ඇති අතර රවුම් උපකරණය කරකවා කුඩා සිදුරකින් එය නැරබීමේ දී රූප පෙළ එක් චලන රූපයක් ලෙස දර්ශනය වීම මෙහි ක්‍රියාකාරිත්වයයි.

1834 දී එලි දැක්වූ මීලග නිර්මාණය සොට්රෝප් Zoetrope නම් උපකරණය විලියම් ජෝර්ජ් හොර්නර් විසින් නිර්මාණය කරන ලදී. පෙනකිස්ටෝකොප් උපකරණයම වැඩිදියුණු කිරීමක් වැනි මෙය පැරණි චීන නිර්මාණයක් වන Ding Hïnගේ ලාම්පු ආවරණයේ (lamp shade)  අභාෂය ලබා ඇත. මෙය තරමක් සංකීර්ණ පද්ධතියකි. විශේෂයෙන් රූපරාමු පෙළක් උපකරණය තුලට ඇතුල් කරනවා සේම ඒවා නැරබීමෙන් පසු වෙනත් රූපරාමු පෙළක් ඇතුලත් කිරීමේ හැකියාවක් ඇත.
මීට පසු හමුවූ යුගය ඉතා චමත්කාරය. චලන රූපය සෙලෝ ලොයිඞ් පටියට අනතුරුව පරිගණකය දක්වා දිවයන සිදුවීම් පිලිබදව ඉදිරියේ  දී කරුණු විමසා බලමු.


වික්‍රම දීගල්ල
FTPT 16/B2/31

No comments:

Post a Comment