Wednesday, June 6, 2018

සජීවීකරණ කලාවේ උන්මාදනීය යුගය.

කදු එළුවකු දළු කෑමේ රූප සටහන් පෙලින් ආරම්භ වුනු චලන රූප; අත් සේයාව භාවිත කරමින් රූප නිර්මාණය වැනි ප්‍රාථමික ක්‍රම ද අතර විවිධ ප්‍රාථමික ගනයේ තාක්ෂණික උපකරණ ද බිහිවිය. රූප පෙළක් හැඩලයක් ආධාරයෙන් වෙනස් කිරීම ඒවැනි තාක්ෂණික ක්‍රමයක් වුවද මින් කිසිම ආකාරයෙන් ස්වභාවික රූපයක ලක්ෂණ ඉස්මතු නොවීය. වර්ෂ 1609 දී magic Lantern උපකරණය හදුන්වා දුන් අතර විශාල පිරිසකට එයින් සදෙන රූප නැරබීමේ හැකියාව ලැබුණි. නමුත් එම උපකරණයෙන් චලනරූප ලබාගත නොහැකි විය. 1800 දී පමණ thaumatrope නිර්මාණයෙන් පසුව පළමු සජීවීකරණ උපකරණය ලෙස zoetrope උපකරණය බිහිවිය. චලනරූප යන්ත්‍රයක් නිර්මාණය වීම ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. මෙමගින් සිලින්ඩරාකාර රාමුවක රදවන රූප පෙළක් සිලින්ඩරය කැරකෙන විට කුඩා සිදුරු තුලින් චලනයක් ආකාරයට දර්ශනය විය.
1900 වනවිට camara ආගමනයත් සමග හුණු ආධාරයෙන් කළු ලෑලි මත රූපයෙන් රූපය මකමින් කාටූන් නිර්මාණ කරුවන් විසින් අදින අතර ඒවා පිළිවෙලට චායාරූපට ගෙන කුඩා සිනමා පටයක් ලෙස නැවත ධාවනය කිරීම අරබුනි. මේ කාලවකවානුවේ නිර්මාණය කල කාටූන් සදහා තත්පරයක කාලයකට රූප සටහන් 15 ත් 18 අතර ප්‍රමාණයක් ධාවනය විය. 
Image result for chalk animation history


1911 දී පමණ Windsor McCay නම් කාටූන් නිර්මාණ ශිල්පියා ඔහුගේ යහළුවන් සමග ඇතිකරගත් සම්මුතියක් නිසා මාසයක් අවසානයේ රූප 4000කින් පමණ සමන්විත Little Nio නම් කාර්ටූන් නිර්මාණය සිදුකෙරිණි. මේ කාලය වන විට ශබ්දය රූප සමග ධාවනය කිරීමේ හැකියාව නොතිබුන නිසා රූප ධාවනය වන විට වෙනත් පසෙකින් ඒ සදහා සජීවී සංගීතය ලබාදීම සිදුවිය
 කෙසේ නමුත් එම නිර්මාණයට පසුව 1914 දී පමණ ඔහු විසින් කරන ප්‍රථම කාටූන් චරිතය නිර්මාණයට එන්නේ “Gertie” නමිනි. ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ Dinosaurus කෙනෙක් වූ අතර එය ලොව ප්‍රථම වඩාත් සුමටව ධවනයවන හා චරිතයට අනන්‍ය තාවක්‌ ඇති චරිතය ලෙස පිළිගැනේ.
අනතුරුව 1928 දී පමණ walt disney comic ආයතනය විසින් නිෂ්පාදනය වූ micky mouse – Steamboat Willie නම් කාටූනය walt disney සහ Ub Iwerks විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙය  micky mouse හා pete නම් චරිත දෙකක් වටා ගෙතුන කතාවකි. වාෂ්ප බලයෙන් ක්‍රියාකරන කුඩා බෝට්ටුවක සිටින micky mouseට ඔහුගේ කැප්ටන් වන pete විසින් අණදීමක් සිදුකරයි. අනතුරුව micky mouse විසින් එම බෝට්ටුවවේ දී ඊට අනුගතවීම් හා ඔහුගේ දගකාරබව පෙන්වීම මේ කටුනාය හරහා පෙන්වුම්කරයි.
 තවත් එක් විශේෂ කරුණක් නම් මෙම කාටූන් චිත්‍රපටය පුරාවට වර්තමානයේ කාටූන් සදහා යොදාගන්න 12 Animation principles  යම් යම් ආකාරයට භාවිතාකර තිබීමයි. අදටත් ජනප්‍රියව පවතින micky mouse නිර්මාණය වෙන්නේ මෙඅකරයටයි. මෙම කාටූන් චරිතය 2006 දක්වා කාලය පුරාවට කුඩා කුඩා වෙනස්කම් රාශියක් එක්ව micky mouse චරිතය ඉතා අලංකාර, දගකාර ස්වරූපයක් ගෙන ඇත.
කාටූන් ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ micky mouse ගෙන් පසුව 1937 දී පළමු කාටූන් වෘතාන්ත චිත්‍රපටය disney සමාගම විසින් එළිදක්වන ලදී. ඒ snow white කතාවයි. මෙම කාටූන් චිත්‍රපටයේ විශේෂත්ව ගණනාවක් ඇත. මෙහි මිනිස් හා සත්ව චරිත සජිවිකරණය කිරීමට සැබෑ මිනිස් හා සත්ත්ව හැසිරීම් සියුම් අධ්‍යනයක් කර ඇති අතර කාටූන් සදහා Foley Sound යොදා ගැනුණු ප්‍රථම අවස්ථාවද වේ. තවද එක් එක් චරිත සදහා වෙන වෙනම හැසිරීම් රටා ද එක් කිරීම විශේෂවේ. box office වාර්තා බිදහෙළීමට සමත් වූ මෙම චිත්‍රපටය වර්තමානයේද බොහෝ ජනප්‍රියව පවතී. මෙම නිර්මාණයෙන් පසු වර්තමානය වනවිට අතිශය විශාල ද්විමාන නිර්මාණ සංක්‍යාවක් බිහිවී ඇත.

වික්‍රම දීගල්ල 
FTPT 16/Bii/31

No comments:

Post a Comment